කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තය අද (15) දහවල් 12.00 සිට ගුවන් මගීන් සමග පැමිණෙන පුද්ගලයන් සඳහා විවෘත කර තිබෙනවා.
කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ පිටත්වීම සඳහා ගුවන් ප්‍රවේශ පත්‍රයක් රැගෙන එන එක් ගුවන් මගියෙකුට, අමුත්තන් තිදෙනකු සමග පිටත්වීමේ පර්යන්තයට ඇතුළු විය හැකි බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා සඳහන් කළා.
සියලු අමුත්තන් මුඛ ආවරණ පැළද සිටීම අනිවාර්ය වන අතර, අනෙකුත් සියලු සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද ද අනුගමනය කරමින් පිටත්වීමේ පර්යන්තය වෙත ඔවුන්ට ඇතුළුවීමට අවසර දෙනු ලැබේ.
බාහිර අමුත්තන් ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තයට ඇතුළු වීමට රුපියල් 300 ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතුයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට