කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට නොමිලේ PCR පරීක්ෂණ සිදු කර ගැනීමට සහ ඒවායේ ප්‍රතිඵල නිකුත් කිරීමට නවතම වෛද්‍ය රසායනාගාරයක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ විවෘත කොට එය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද (09)දින භාර දෙනු ලැබුවා.
මෙම ජීව විද්‍යා රසායනාගාරය දිනකට PCR පරික්ෂණ 500 ක් කළ හැකි පරිදි සකස් කර තිබෙනවා. ඒ අනුව පැය 02 ක් තුළ PCR පරික්ෂණ 96 ක් සිදු කිරීම සැළසුමයි.
මෙම වෛද්‍ය රසායනාගාරයේ වටිනාකම රුපියල් මිලියන 70ක් පමණ වෙයි.
මෙම PCR පරීක්ෂණ බාහිර පෞද්ගලික රෝහල් වල රුපියල් 6000 ත් 8000 ත් අතර මිලකට සිදු කෙරෙන අතර ඒ සදහා ඔවුන්ට පැය 06 ක පමණ කාළයක් ද ගත වේ.
එහෙත් කටුනායක ගුවන් තොටුපළ තුළ ස්ථාපිත මෙම නව වෛද්‍ය රසායනාගාරය මගින් පැය දෙකහමාරක් වැනි කාළයක් තුළ මෙම පරීක්ෂණය නොමිලේම සිදු කර ගත හැකි බවයි සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම සඳහන් කරන්නේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ