මෙරට දෙවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැළකෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර විවෘත කෙරුණා.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනය මහින්ද චින්තනයේ මෙන්ම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේද ප්‍රමුඛ කාර්යයක් වනවා.
කටුනායක ගුවන්තොටුපොළ පුඵල් කිරීමේ ව්‍යාපෘතිය ජපාන ශ්‍රී ලංකා ඒකාබද්ධ සංවර්ධන කාර්යයක්. දෙවන අදියර සදහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 6 යි දශම 1 ක්. සමස්ත ව්‍යාපෘතියේ මුළු වියදම රුපියල් බිලියන 100 ඉක්මවනවා. දැනට මිලියන හයක් වන ගුවන්තොටුපොල වාර්ෂික මගීන් හැසිරවීමේ ධාරිතාව සමස්ත ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් අනතුරුව මිලියන 15 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතයි. කටුනායක ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජපානයේ හිටපු අගමැති ෂිං ෂෝ අබේ මහතාගේ මූලිකත්වයෙනුයි. යහපාලන රජය සමයේ අතහැර දමා තිබූ මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත්වීමත් සමගම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මුලිකත්වයෙන් ආරම්භ කෙරුනා. ව්‍යාපෘතිය මුළුමනින්ම අවසන් කරන විට ගුවන් යානා නැවැත්වීමේ අංගන සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වනවා. පිරික්සුම් කවුළු සංඛ්‍යාව පනස් තුනේ සිට 149 දක්වා වැඩි වනවා.
විගමන කවුළු සංඛ්‍යාවද විසිඑකේ සිට පනස් තුන දක්වාත්, ආගමන කවුළු සංඛ්‍යාව 27 සිට 83 දක්වාත් වැඩි කෙරෙනවා. දැනට අටක් වන එයාර්සයිඩ් ආරක්ෂක පාලන ස්ථාන සංඛ්‍යාව තිහක් වනවා.
සම්බන්ධතා දොරටු විසිහතර දක්වා වැඩි කෙරෙන අතර ගුවන් බස් දොරටු සංඛ්‍යාවද හයේ සිට 16 දක්වා වැඩි කෙරෙනු ඇති. ගුවන් සේවා විවේකාගාර සංඛ්‍යාවද හතරේ සිට දහය දක්වා ඉහළ යනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්