කතෝලික ජනතාව වෙත කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් විශේෂ නිවේදනයක් සිදු කර තිබෙනවා.
ඒ හෙට දිනයේ පැවැත්වීමට නියමිත මළවුන් සිහිකිරීමේ දිනය නිමිත කරගනිමින්.
හෙට දිනට නියමිත ආගමික චාරිත්‍ර තම නිවසේ සිට සිදු කරන ලෙසයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
විශේෂයෙන් නිරෝධායන ඇඳිරි නීතිය පවතින මොරටුව,ජා – ඇළ ,කටුනායක, වත්තල, කඳාන, සීදුව හා මීගමුව යන ප්‍රදේශවල ජනතාවට මෙලෙස අනිවාර්යෙන් නිවසට වී තම ආගමික චාරිත්‍ර සිදු කරන ලෙස කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා.
පවතින තත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වල සිටින කතෝලික ජනතාවද ඒකරාශීවීම් අවම කර මෙම උපදෙස් පිළිපදිනු ඇති මධ්‍යස්ථානය අපේක්ෂා කරනවා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි