කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින රැඳවියන් බැලීම සඳහා පසුගිය කාල සීමාවේදී එහි පැමිණි ඔවුන්ගේ ඥාතින් 119 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.
මෙම ඥාතීන් සියලු දෙනා සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුව රැඳවියන් හමු ව ඇති බව ද පැවසු හමුදාපතිවරයා, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් හා හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ඒ ආසන්නයේම පිහිටි කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට පරිවර්තනය කළ බවද වැඩිදුරටත් සදහන් කරනවා.
කොවිඩ් 19 ආසාදිත වී ඇති බවට ඊයේ දිනයේ හඳුනාගත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවගේ පවුලේ සමාජිකයින් ද මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙන අතර කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍ය ස්ථානයේ සේවය කරන නිවාඩු ගොස් සිටි උපදේශක උපදේශිකාවන් 08 දෙනෙකු නැවත ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබෙනවා.
මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳී සිටින පුද්ගලයින් බැලීමට පසුගිය මාර්තු, අප්‍රේල්, මැයි යන කාල සීමාවේදී අවසරය හිමි නොවූ බවද යුධ හමුදාපතිවරයා අවධාරණය කරනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්