හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබූ විදෙශ් ගමන් තහනම මෙම මස 23 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්කෝන් මහතා විසින් ගොනුකර ඇති පෙත්සමකට අදාළව කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ.
හිටපු මහ බැංකු අධිපතිවරයා මෙම මස 23 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යළි සිතාසි නිකුත්කරන ලෙසට ද මහෙස්ත‍්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.
අජිත් නිවාඞ් කබ්රාල් මහතාට පසුගිය 2 වනදා ද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර මහෙස්ත‍්‍රාත්වරයා විසින් සිතාසි නිකුත් කළා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට