හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන 18 වනදා දක්වා රටින් පිට වීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
එමෙන්ම අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරු ලෙස නම් කර තිබූ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට ලබන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට