ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හට පනවා ඇති විදෙස් ගමන් තහනම ජූලි මස 25 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
මෙම නියෝගය ලබාදී ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින්.
හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්කෝන් මහතා විසින් ගොනුකර ඇති පෙත්සමකට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.
මෙම පෙත්සම ගොනු කර ඇත්තේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා සම්බන්ධ බව කියන මූල්‍ය වංචා කිහිපයක් පාදක කර ගනිමින්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්