කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 20 දෙනෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට අද (29) තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
හබරාදුව,රත්ගම,දොඩන්දුව,මාපලගම,අකුරැස්ස,ගිංතොට,හික්කඩුව,වංචාවල,,ගාල්ල,යන ප්‍රදේශවල පදිංචි මෙම පිරිස අතර අවුරුදු 12,14,17,යන වයස්වල පාසල් සිසුන් තිදෙනෙක්ද අවුරුදු 20,24,25යන වයස්වල තරුණයින් තිදෙනෙක්ද වෙති.
අනෙක් පිරිස අතර අවුරුදු 59,63,60,65,64,38.42,77.80.යන වයස්වල පසුවන්නෝ වෙති.
මොවුන් ප්‍රතිකාර සඳහා ආරච්චිකන්ද,පොල්වත්ත,කරන්දෙණිය යන රෝහල්වලට ගෙන යාමට කටයුතු කල බවද ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ස කාර්යාලය පැවසිය.
කරාපිටිය රෝහලේ 36 වාට්ටුව සැක සහිත ශ්වසන රෝගින් ඇතුලත් කරනු ලබන වාට්ටුවකි.
More Stories
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්
කොළඹ ”චිකුන්ගුන්යා” ව්‍යාප්තිය ඉහළට
පුංචි ඡන්දය මැයි 06