එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් සිටි සමයේ කරුණා අම්මාන් විසින් සිදු කළ බව කියන අපරාධ පිළිබඳව ඔහු විසින් පසුගිය දිනෙක සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
අම්පාර ප්‍රදේශයේ දී පැවති දේශපාලන රැස්වීමකදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කියා සිටියේ,
“කාර්තිව් සභාපතිවරයා කියා තිබෙනවා මම වත්මන් ගෝලීය ආපදාවටත් වඩා භයානකයි කියලා. ඔව් ඒක ඇත්ත. මම භයානකයි. මම LTTE සංවිධානයේ ඉද්දි අලිමංකඩ කඳවුරේ හිටපු හමුදාවේ 2000 – 3000ක් අතර පිරිසකගේ ජීවිත එක රැයින් අහිමි කෙරුවා. ඒවගේමයි කිලිනොච්චි වලදීත්, ඊට වඩා ජීවිත අහිමි කෙරුවා.එය වත්මන් ගෝලීය ආපදාවටත් වඩාභයානකයි” හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන විනයාගමුර්ති මුරලිදරන් එම ජනහමුවේදී කියා සිටියා.
ඔහු විසින් සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන කේෂ්ත්‍රයේ මෙන්ම සමාජය තුලද දැඩි කතාබහක් නිර්මාණය වූ අතර ඔහුට එරෙහිව පොලිස් විමර්ශන ආරම්භ කළ යුතු බවද කියා සිටියා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්