කරුණා කළ දේට සමාවක් දෙන්න පුළුවන්

කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් යන අය එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා රජයට සහය දැක්වූ පුද්ගලයෙකු බැවින් ඔහු කර ඇති ත්‍රස්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතියෙන් සමාවක් හිමිවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී.දිසානායක මහතා පවසනවා.

හමුදා සාමාජිකයින් දෙදහසකට වැඩි පිරිසක් එක් රැයකදි අලිමංකඩදී ඝාතනය කරන ලද බවට කරුණා අම්මාන් පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳ මස්කෙළියේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එස් බී දිසානායක මහතා මේ බව සඳහන් කළා.

“කරුණා අම්මාන් තමයි තීරණාත්මක විදිහට එල්ටීටීඊ එක දෙකට කඩලා දැම්මෙ… ප්‍රභාකරන්ව තනිකලේ….

කරුණා අම්මාන් කියන්නේ නැගෙනහිර හිටපු එල්ටීටීඊ නායකයා…. ඔහු එල්ටීටීඊ එකෙන් මහා පාළුවක් ගලවලා අරගෙන අපේ අපිට එකතු වෙලා අපේ හමුදාවන්ට එකතුවෙලා ඔහු උතුරේ සටන් ජය ගැනීම සඳහා තීරණාත්මක සහයක් ලබා දුන්නා…..

ඒ නිසා ඒ කාරණයේදී ඔහු අර ආණ්ඩුවේ සාක්කි කාරයෙකු වුණා වගේ එකක්නෙ උනේ….

ඔහු අපේ පැත්තට ඇවිල්ලා එල්ටීටීඊ එක සම්පූර්ණයෙන් ඉවර කරන්න අපිට උදව් කළා… ඒ නිසා ඔහුට ඒ පිළිබඳ නීතියෙන් නීත්‍යානුකූල සමාවක් තියෙනවා…”

WP Twitter Auto Publish Powered By : XYZScripts.com