ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට එක්වන කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය අශෝක් පතිරගේ මහතා සභාපතීත්වය දරණ සොෆ්ට්ලොජික් හෝල්ඩිංස් සමාගමට හිමිව තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් පස් වනදා සිට 23 වනදා දක්වා කොළඹ හා හම්බන්තොටදී පැවැත්වීමට නියමිත LPL තතරගාවලියට එක්වන කලම්බු කණ්ඩායමේ යම් වෙනස්කම් කිහිපයක්ද සිදුකිරීමට නියමිත බව සඳහන්.
මේ අතර පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක උමා ගුල් LPL තරඟාවලියට එක්වන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.
කණ්ඩායම් කළමණාකරු අසාම් ඛාන් ප්‍රකාශ කළේ සිය කණ්ඩායමේ නිත්‍ය ප්‍රධාන පුහුණුකරු වන මොයින් ඛාන් සිය පුත්‍රයාගේ විවාහ උත්සවය සඳහා එක්වීමට නියමිත බැවින් නව ප්‍රධාන පුහුණුකරුවෙකු තාවකාලිකව පත් කිරීමට සිදුවූ බවයි.
මොයින් ඛාන්ගේ පුහුණුකාරීත්වය යටතේ පළමු වරට පැවති ඛඡඛ තරඟාවලියේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අනු ශූරතාව හිමි කරගත්තා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි