මඩකලපුව, කලවංචිකුඩි පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ, එහි රාජකාරියේ නියුතු නිලධාරීයෙකුට කොරෝනා වෛසරය ආසාදනය වීමත් සමඟයි.
කලවංචිකුඩි මූලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුට වෛරසය ආසාදනයවී ඇති බවටයි පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය අලකයියා ලතාකරන් කියා සිටියේ.
එම නිලධාරියා ප්‍රතිකාර ලැබු නේවාසිකාගාරය විෂබීහරණය කිරීමට ද කටයුතු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ