කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර කාලසීමාව තවත් මාස 03 කින් දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ කොරෝනා වෛරසය පැතිර යාම සමග රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකිවීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.
ඊට අදාළව ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමට නියමිතයි.
නාරාහේන්පිට සහ වේරහැර ඇතුලු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාල විවෘතව පවතින බැවින් මෙම කාල සීමාවෙන් අනතුරුව නැවත වරක් රියදුරු බලපත් වලංගු කාලසීමාව දීර්ඝ නොකෙරෙන බවයි දිලුම් අමුණුගම මහතා සඳහන් කලේ.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්