පරිභෝජනයට ගන්නා කහවලට විවිධ වර්ණක මිශ්ර කර ඇති බවට ලද තොරතුරු අනුව කහවල ප්රමිතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ දිනවල වෙළඳසැල් හදිසි පරීක්ෂාවන්ට ලක් කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ඒ, කහ හිඟයත් සමග විවිධ වර්ණක හා පිටි කලවම් කළ කහ විකුණන බවට පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු පැමිණිලි හේතුවෙනි.
ඒ අනුව දිවයිනම අවරණය වන පරිදි ලබා ගත් කහ සාම්පළ 15 ක් ලංකා කාර්මික ආයතනයේ රසායනාගරය වෙත යොමු කර ඇති බව ද අධිකාරිය සඳහන් කළා.
පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ, වැඩි මිලට කහ අලෙවි කරන්නන් සොයා ද මේ වනවිට මෙහෙයුම් ක්රියාත්මක බවයි.
කහ කුඩු කිලෝග්රෑමයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 750 කි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි