ඉන්දියාවේ සිට නීති විරෝධීව ගෙන්වන ලද කහ කිලෝ 20 දහසක් සමග සැකකරුවන් 04 දෙනෙකු හුංගම කලමැටිය ගුරුපොකුණ ධීවර වරාය අසලදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලුයම 03 යි 30 ට පමණ ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙම කහ තොගය රැගෙන යාමට පැමිණ තිබූ ලොරි 02 ක් ද මෙහිදී විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.
හුංගම පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන මෙහෙයවන අතර තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග