බී ලූණු ලෙස ප්‍රකාශ කරමින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ කහ කිලෝ 25,450 ක් කොළඹ වරායෙන් මෙරටට ගෙනැවිත් තිබියදී රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.
එහි වටිනාකම රුපියල් එක් කෝටි 90 ලක්ෂයක් පමණ බවයි වාර්තා වන්නේ.
බහාලූම් 04 ක බහා මෙම කහ තොගය ඩුබායි සිට ගෙන්වා ඇත්තේ කොළඹ පිටකොටුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු විසින් බව සඳහන්.
මෙම බහාලූම් 04 කොළඹ වරායෙන්, ඔරුගොඩවත්ත ග්‍රේ ලයින් බහාලූම් අංගනය වෙත රැගෙන විත් තිබූ අතර අද දහවල් රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විවෘත කර පරීක්ෂණ කටයුතු සිදු කළා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට