කළුතර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට 25 වන බ්රහස්පතින්දා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව 25 වනදා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර/දකුණ ) කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, බේරුවල, දර්ගානගරය, අළුත්ගම, පිලමිනාවත්ත, කළුවාමෝදර , මොරගොල්ල යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ