පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට වසර 2කට ආසන්න වී ඇතත් මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදුව නොමැති බවට පවසමින් අගරදගුරු පදවිය විසින් තීරණය කරන කළු ඉරිදාව අදින් ඇරඹෙයි.
ඒ අනුව අද දින දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයට සහභාගි වන ජනතාව කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයන්ට සහභාගි වන ලෙසටයි ඉල්ලීමක් කෙරුණේ.
දේව මෙහෙය අවසානයේ දේවස්ථානයෙන් පිටතට පැමිණි පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවයක් දක්වන ලෙසද අගරදගුරු පදවිය දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවලට දැනුම් දී ඇතැයි සඳහන්.
එමෙන්ම කළු ඉරිදාව දේශපාලනීකරණය කර නොගන්නා ලෙසද ඔවුන් ඉල්ලීමක් කරනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්