වසර 2016 දී පොලිස් මෙහෙයුමක් අතරතුර සිදුවූ කළු ජාතිකයෙකුගේ මරණය සිහිපත් කරමින් ප්‍රංශයේ අද (03) පැවැත්වූ විරෝධතාවයක් විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
පැරිසියේ උතුරු දිග ඇවනියු ඩී ක්ලීච් ප්‍රදේශයේ මෙම විරෝධතා පැවැත්වුණු අතර විරෝධතාකරුවන් ගිනි අවුලුවමින් ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරුණු බව පොලිසිය වාර්තා කර ඇත.
24 හැවිරිදි ප්‍රංශ කළු ජාතික ඇඩමා ට්රෙයොරේ සැමරීම සඳහා දහස් සංඛ්‍යාත පිරිස් මෙලෙස රැස්ව සිටි බව වාර්තා වේ. කොරෝනා අවදානම හේතුවෙන් පනවා තිබූ තහනම නොතකා විරෝධතාකරුවන් රැස්ව සිටි බව පොලිසිය පවසයි.
ඇමරිකාවේ කළු ජාතිකයෙකුගේ මරණය සම්බන්දයෙන් පැවැත්වෙන විරෝධතා අනුකරණය කරමින් ඇඩමා ට්රෙයොරේගේ මරණයට ද සාධාරණත්වයක් ඉල්ලමින් විරෝධතාකරුවෝ පෙළපාලි පැවැත්වූහ.
ට්රෙයොරේගේ මරණය සම්බන්ධව එකිකෙට වෙනස් වෛද්‍ය වාර්තා දෙකක් නිකුත් කිරීමෙන් පසු උද්ඝෝෂණ ආරම්භ වූ බව සඳහන් වේ.
More Stories
පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 5.4ක වර්ධනයක්
චීනය හා මැලේසියාව නවීකරණ මාවතේ එක්ව අත්වැල් බැඳගෙන ඉදිරියට යා යුතුයි–චීන ජනපති
සයිබර් ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙස චීනය ඇමරිකාවට අවධාරණය කරයි