එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නව එක්දින ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
ඒ එක්දින තරඟයකදී නියමිත පන්දුවාර 50 තුළ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව නැවත වතාවක් ඔවුන් සතු කර ගනිමින්.
එංගලන්තය සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟ 3 තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ඊයේ පැවැත්වුණේ නෙදර්ලන්තයේ ඇම්ස්ටෙල්වීන් නුවරදීයී.
කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළ දී කඩුළු 4ක් පමණක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 498 ක්.
මෙහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ජොෂ් බට්ලර් පන්දු 70 ක දී නොදැවී ලකුණු 162ක් රැස් කළ අතර ඩේවිඩ් මාලන් පන්දු 109 ක දී ලකුණු 125 ක් රැස්කර ගැනීමට සමත් වුණා.
මීට අමතරව ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 22 ක දී නොදැවී ලකුණු 66 ක් රැස් කරගත් අතර පිල් සෝල්ට් ලකුණු 122 ක් රැස්කර ගත්තේ පන්දු 93කට පමණක් මුහුණ දෙමින්.
මෙම තරඟයේ දී එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් 06 පහර 36 ක් එල්ල කළ අතර සමස්ථ ඉනිම තුළ වාර්තා වූ හතරේ පහර සංඛ්‍යාව ද 36 ක්.
මෙහිදී එංගලන්තය විසින් බිඳ හෙලනු ලැබූයේ ඔවුන් විසින්ම 2018 වසරේ එංගලන්තයේ නොටින්හැම් හිදී ඔස්ටේ්රලියානු කණ්ඩායමට එරෙහිව කඩුළු 6 කට ලකුණු 481 රැස් කර පිහිටුවා තිබූ වාර්තාවයි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්