31වන ලෝක විශ්වවිද්‍යාල ගිම්හාන ක්‍රීඩා උළෙල පසුගිය දා (28) චීනයේ Chengdu නුවරදී ආරම්භ විය.ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ක්‍රීඩා සම්මේලනයේ වැඩ බලන සභාපති Leonz Eder මහතා Chengdu නුවරට පැමිණ එහි සමාරම්භක උත්සවයට එක්විය. මීට පෙර Leonz Eder මහතා සමග චීන මාධ්‍ය සමූහය සම්මුඛ සාකච්ඡාවකට එක්විය.
එහිදී හෙතෙම චීනය සංවිධාන කළ මෙවර ලෝක විශ්වවිද්‍යාල ගිම්හාන ක්‍රීඩා උළෙල ඉහළින් අගය කළේ ය. කොවිඩ් වසංගතය හේතුවෙන් එම ක්‍රීඩා උළෙල පැවැත්වීම පමා කළද චීනය නොයෙක් දුෂ්කරතා මැඩ පවත්වමින් ක්‍රීඩා උළෙල ඉහළ මට්ටමින් සංවිධාන කළ බව තමන් සියැසින් දුටු බව Leonz Eder මහතා පැවසීය. 12වන ලෝක විශ්වවිද්‍යාල ගිම්හාන ක්‍රීඩා උළෙලේ සිට පැවති සෑම ක්‍රීඩා උළෙලකට ම Leonz Eder මහතා සම්බන්ධ වී ඇත. මෙවර ලෝක විශ්වවිද්‍යාල ගිම්හාන ක්‍රීඩා උළෙලට හරිත නගරය, පරිසර සංරක්ෂණය හා තිරසර සංවර්ධනය වැනි තේමා ඇතුළත් කර තිබීම විශේෂත්වයක් බව හෙතෙම පෙන්වා දෙයි. Chengdu ලෝක විශ්වවිද්‍යාල ගිම්හාන ක්‍රීඩා උළෙල ක්‍රීඩාව පමණක් නොව සංස්කෘතිය, අධ්‍යාපනය සහ චීනයේ ආවේණික උරුම යන අංගවලින් ද සමන්විත ය. එබැවින් මෙවර ලෝක විශ්වවිද්‍යාල ගිම්හාන ක්‍රීඩා උළෙල අද්විතීය එකක් බව Leonz Eder මහතා කියා සිටී.
Leonz Eder මහතා චීනයට 25 වතාවක් පැමිණ තිබේ. හෙතෙම මුලින් ම චීනයට පැමිණියේ 1985 වසරේදී ය.එදා මෙදා තුර චීනයේ සිදු වූ විපර්යාසයන් හෙතෙම සියැසින් දුටුවේ ය. ක්‍රීඩා හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල චීන සමාජයේ කැපී පෙනෙන ප්‍රගතියක් දක්නට ලැබෙන බව Leonz Eder මහතා පවසයි. මේ වන විට ජාතික ශරීර සුවතා වැඩසටහන චීනයේ ජාතික උපාය මාර්ගයක් බවට පත්ව තිබේ. මෙම වැඩසටහන යටතේ සමස්ත චීන ජනතාව පෙර නොවූ විරූ ආකාරයෙන් නිරෝගීමත් ජීවන් රටාවකට නැඹුරු වී සිටිති. විශේෂයෙන් තරුණ පරපුරේ අධ්‍යාපන සහ ක්‍රීඩා කටයුතු සමබරව සිදු කිරීමට චීන රජය සැමවිටම අවධානය යොමු කිරීම තමන් අගය කරන බව Leonz Eder මහතා කියාසිටී. එය ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ක්‍රීඩා සම්මේලනය ක්‍රියාත්මක “ නිරෝගීමත් සරසවි භූමිය ” වැඩසටහනට සරිලන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්