මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර මෙට්‍රො සැහැල්ලු දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ එක් මෙට්‍රො දුම්රියක මගීන් 213 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අනෙක් දුම්රිය මගීන් රහිතව ධාවනය වූ හිස් දුම්රියක් බව පැවසේ
දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් 213 දෙනාම අනතුරින් තුවාල ලබා ඇති අතර ඉන් 47 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
නඩත්තු කටයුත්තකින් පසු හිස් දුම්රිය, මගීන් රැගත් දුම්රිය ධාවනය වූ මාර්ගයේ ම ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ උමං මාර්ගයක් තුළදී එලෙස අනතුරට ලක්ව තිබේ.
දුම්රිය පාලක මැදිරියෙන් සිදු වූ වැරදි සන්නිවේදනයක් නිසා මෙම අනතුර සිදු වන්නට ඇති බවට සැක කරන අතර මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව දිස්ත්‍රික් පොලිස් ප්‍රධානී මොහොමඩ් සයිනාල් පවසා ඇත.
වසර 23 ක් වූ මෙට්‍රෝ පද්ධතියේ සිදුවූ විශාලතම අනතුර මෙය බව එරට ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.


More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි