ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කේ. මතිවානන් මහතා මීට සුළු වේලාවකට පෙර සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ සම්බන්ධයෙන් ඔහු විසින් සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය මගින් ඔහු සදහන් කර ඇත්තේ වත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ඉල්ලා අස්වන බවයි.

ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන උප සභාපතිවරුන් දෙදෙනාගේ මූලික වගකීම් අතර ජාත්‍යන්තර ක්‍රිකට් හා දේශීය ක්‍රිකට් යන දෙඅංශයම මෙහෙයවීමේ සම්ප්‍රදායක් පැවතිය ද වර්තමානයේ කිසිදු වගකිවයුතු කටයුත්තක් ලබා නොදීම හේතුවෙන් වත්මන් පරිපාලනය තමා හුදකලා කර ඇති බව ද එම නිවේදය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
2019 පෙබරවාරි මාසයෙදි පැවති නිළවරණයෙදි ඡන්ද 82 දෙකක් ලබා උප සභාපතීත්වයට පත්වු එතුමා රණතුංග පාර්ශවය වෙනුවෙන් විධායක කමිටුවට පත්වු එකම නිළධාරියාද වේ.
*චානක අරවින්ද
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි