ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ලෝක කුසලාන මූලික වටයේ තේරීම් තරගය අත්හැර දමා තිබේ.
එම තරගය සිම්බාබ්වේ හරාරේ හිදී පැවැත්වීමට නියමිතව තිබුණි.
නමුත් අප්‍රිකානු කලාපයේ මතුවී ඇති නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළේය.
ඒ අනුව 2022 දී නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි නොවෙයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි