අද දිනයේ ක්‍රිඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් සාමජිකයන් පස් දෙනෙක්ගෙන් යුක්ත ක්‍රිකට් පරිපාලන කමිටුවක් පත්කරන ලදි.
මේ සතිය මුලදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වන අනුරාධ විජේකෝන් මහතා මාධ්‍ය වෙත කියා සිටියේ ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලන කටයුතු මෙහෙයවීම සදහා තාවකාලික පරිපාලන කමිටුවක් පත් කරන ලෙස නීතිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවයි. ක්‍රිකට් නිලවරණයෙන් නව කමිටුවක් පත්වන තුරු මෙම කමිටුව තාවකාලිකව ක්‍රියාත්මක වෙනු ඇත.
නව පරිපාලන කමිටුව
- මහාචාර්ය අර්ජුන ද සිල්වා. (සභාපති)
- ඈශ්ලි ද සිල්වා.
- සුජීව මුදලිගේ.
- උචිත වික්‍රමසිංහ.
- අමල් එදිරිසූරිය.
ශ්‍රීලංකා ක්‍රිකට් පරිපාලන ධූර කාලය පසුගිය පෙබරවාරි මාසයේ අවසන් වූ අතර. නව පරිපාලකයන් පත්කර ගැනීම සදහා පවත්වන ක්‍රිකට් නිලවරණය එලැබෙන මාසයේ පැවැත්වීමට නියමිතය.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි