කොවිඩ් -19 වසංගතය හේතුවෙන් 2020 පිරිමි විස්සයි 20 ලෝක කුසලානය වසරකට කල් දමා තිබේ. ඔක්තෝබර් 18 සිට නොවැම්බර් 15 දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය කල් දැමීමෙ තීරණය ICC විසින් අද (20) දා ගනු ලැබීය.

පිරිමි ලෝක කුසලාන තුනක් සදහා තීරණ ICC අද ගත් අතර,ඒ අනුව 2021 ඔක්තෝබර්-නොවැම්බර් සහ 2022 ඔක්තෝබර්-නොවැම්බර් මාසවලදී විස්සයි 20 ලෝක කුසලාන පැවැත්වේ. මේ අතර පන්දුවාර 50 පිරිමි ලෝක කුසලානය 2023 ඔක්තෝබර්-නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය. සැලකිය යුතු කරුණ වන්නෙ T20 ලෝක කුසලාන දෙක පවත්වන්නෙ කුමන රටවලද යන පිලිවෙල තවම සදහන් නොකිරීමයි.ඉන්දියාව T20 ලෝක කුසලාන 2021 දී ද 2023 දී පන්දුවාර 50 ලෝක කුසලානය ද පැවැත්වීමට නියමිතය.
ලබන වසරේ පෙබරවාරි මාසයේදී නවසීලන්තයේ පැවැත්වෙන අයිසීසී කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය 2021 ඒ ආකාරයටම පැවැත්විම කෙරෙහි ICCයෙ අවධානය යොමු වි තිබේ.

-චානක අරවින්ද
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි