ඕස්ට්‍රේලියාවේ තරඟ සංචාරයක නිරත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සහය කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව් දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් කිසිදු එංගලන්ත ක්‍රීඩකයෙකු ට වෛරසය ආසාදනය වී නොමැති බව සඳහන්.
අළු බඳුන තරඟාවලියේ තුන්වන ටෙස්ට් තරඟය මෙල්බන් නුවර පැවැත්වෙන අතර එහි දෙවන දිනය අදයි.
ඊයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුනු 185ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියලුදෙනාම දැවී ලකුනු 267ක් රැස් කළා.
ඒ අනුව ඕස්ටේ්‍රලියානු කණ්ඩායම එංගලන්ත කණ්ඩායමට වඩා ලකුණු 82ක් ඉදිරියෙන් පසුවෙනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි