ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය හා ක්රිප්ටොකරන්සි මයිනින් ඇතුළු අනෙකුත් සේවාවන් ශ්‍රී ලංකාවට විවෘත කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවී තිබෙනවා.
ඒ අනුව ක්රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා අනුමැතිය ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආයෝජන මණ්ඩලයට අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙන බවයි කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ.
මීට අදාල කැබිනට් පත්‍රිකාව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා.

More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්