නවසීලන්තයෙන් මෙතෙක් බිහිවූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන ක්‍රිස් කෙයාන්ස්, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙයි.
ඔහු හදිසි හෘදයාබාධයකට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
51 හැවිරිදි කෙයාන්ස් පසුගියදා කැන්බරා නගරයේ පිහිටි රෝහලකදී හෘද සැත්කමකට භාජනය වූ අතර එහිදී තත්ත්වය බරපතළ වූ බැවින් සිඩ්නි නගරයේ රෝහලකට ගෙනැවිත් තිබුණි.
එහිදී ඔහුව යළිත්වරක් සැත්කමකට ලක්කර ඇති අතර මේ වනවිට ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා විය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි