එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් කණ්ඩායමේ නීති රීති උල්ලංඝනය කරමින් රාත්‍රී කාලයේ එරට සැරිසරන ආකාරය දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත්ව ඇති අතර ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුට දැනුම් දී ඇත.
පවතින කොවිඩ් -19 ව්‍යාප්තිය හමුවේ එංගලන්ත – ශ්‍රී ලංකා තරගාවලිය ජෛව ආරක්ෂිත බුබුලකට යටත්ව පැවැත්වෙන අතර එම ක්‍රීඩකයින් තිදෙනා එම රීති උල්ලංඝනය කර ඇත්නම් ඔවුන්ව එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.
මෙම වීඩියෝවේ දැක්වෙන ක්‍රීඩකයින් තිදෙනා වන්නේ කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන්ය.
කළමනාකරු ලබාදෙන වාර්තාවට අනුව ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද මොහාන් ද සිල්වා මහතා කීවේය.
ධනුෂ්ක ගුණතිලක, සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් මීට පෙර ද විවිධ වැරදි හේතුවෙන් දඬුවම් හා අවවාද ලැබ ඇත.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි