ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් පිලට එළැඹෙන තරග සංචාරයන් අරමුණු කරගනිමින් ක්‍රීඩිකාවන් 27 දෙනෙක්ගෙන් සමන්විත මූලික සංචිතයක් වෙනුවෙන් මේ දිනවල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍රෙකාටගෙන නේවාසික පුහුණු කඳවුරක් අගෝස්තු මස 13 දින දක්වා ක්‍රියාත්මක කෙරේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම නේවාසික පුහුණු කඳවුරට සහභාගි වන මූලික සංචිතයට නවක ක්‍රීඩිකාවන් 5 දෙනෙක් කැඳවා ඇත.
ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් පිලේ නායිකාව චමරි අතපත්තු ඇතුළු ක්‍රීඩිකාවන් 27 දෙනා ඇතුළත් මෙම සංචිතයට කැඳවා ඇති ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ 16 හැවිරිදි විශ්මි ගුණරත්න ළාබාලම ක්‍රීඩිකාව වේ.
පසුගියදා නිමාව දුටු අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියේ ශූරියන් වූ රත්ගම දේවපතිරාජ විද්‍යාල පිලේ නායිකාව වූ 19 හැවිරිදි සචිනි නිසංසලා, 18 හැවිරිදි ඉමේෂා දුලානි හා 17 හැවිරිදි කාව්‍යා කාවින්දි යන ක්‍රීඩිකාවන් මෙම මූලික සංචිතයට කැඳවා ඇත. සීනිගම ලේඩීස් ක්‍රිකට් පිල නියෝජනය කළ වෘත්තියෙන් ශාරිරික අධ්‍යාපන ගුරුවරියක් වන 26 හැවිරිදි පියුමි වත්සලා ද මෙම මූලික සංචිතයට කැඳවා ඇත.
පාසල් බාලිකා ක්‍රිකට් පිටියේ උරුමක්කාරයින් ලෙස නමක් දිනා සිටින රත්ගම දේවපතිරාජ විද්‍යාල බාලිකා ක්‍රිකට් පිල 2021 වසරේදීද නියෝජනය කළ සචිනි නිසංසලා, ඉමේෂා දුලානි, කාව්‍යා කාවින්දි, ශ්‍රී ලංකා කාන්තා පිල නියෝජනය කළ කවීෂා දිල්හාරි, දේවපතිරාජ ආදි ශිෂ්‍යාවන් වන ශ්‍රී ලංකා කාන්තා පිල නියෝජනය කළ උමාෂා තිමේෂනී සහ සත්‍යා සංදීපනී ඇතුළු ක්‍රීඩිකාවන් 6 දෙනෙක් මෙම මූලික සංචිතයේ සාමාජිකාවන් වෙති. එමෙන්ම එම ක්‍රීඩිකාවන්ට අමතරව මෙම මුලික සංචිතය නියෝජනය කරන පියුමි වත්සලා සහ විශ්මි ගුණරත්න ද සමගින් ගුණ ජය සතුට පදනමට අනුබද්ධ සීනිගම ලේඩීස් ක්‍රිකට් පිල නියෝජනය කළ ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 8 කි.
ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් පිලේ නව පුහුණුකරු හෂාන් තිලකරත්න මහතාගේ මූලිකත්වය ඇතිව සංවිධානය කොට ඇති මෙම නේවාසික පුහුණු කඳවුර මෙම ක්‍රීඩිකාවන්ගේ ඉදිරි සාර්ථකත්වයට හේතුවනු ඇත.
නවක ක්‍රීඩිකාවන් 5 දෙනා විශ්මි ගුණරත්න – ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට සූදානම් වන ඇය 16 හැවිරිදි වියේ පසුවෙයි. 2016 වසරේ සිට විද්‍යාලයීය බාලිකා ක්‍රිකට් පිල නියෝජනය කළ ඇය පාසල් ක්‍රිකට් පිටියේදී දස්කම් දැක්වූවාය. සීනිගම ලේඩීස් ක්‍රිකට් පිල නියෝජනය කළ විශ්මි මෙම සංචිතයට කැඳවා ඇති ළාබාලම ක්‍රීඩිකාව වේ. දක්ෂ මලල ක්‍රීඩිකාවක් ලෙස ද නම් දරා සිටින විශ්මි සමස්ත ලංකා පාසල් මට්ටමේදී පාසලට ජයග්‍රහණ රාශියක් අත්කර දීමට සමත්වූවාය. ජෝන් ටාබට් මලල කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී අවුරුදු 15න් පහළ මීටර 100 x 4 සහාය දිවීමේ ඉසව්වේදී නව තරග වාර්තාවක් පිහිටුවීමට ද දායක වූවාය.

සචිනි නිසංසලා – පසුගියදා නිමාව දුටු අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියේ ශූරියන් වූ රත්ගම දේවපතිරාජ විද්‍යාල පිලේ නායිකාව වූවාය. 19 හැවිරිදි වියේ පසුවන සචිනි 2015 වසරේ සිට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට එක්වූවාය. ශ්‍රී ලංකා කාන්තා සංවර්ධන සංචිතය සහ නැගී එන කාන්තා පිල ද නියෝජනය කළාය. වසර ගණනාවක්ම සීනිගම ලේඩීස් ක්‍රිකට් පිල නියෝජනය කළ අතර, ගාල්ල දිස්ත්‍රික් කාන්තා පිල සහ දකුණු පළාත් කාන්තා පිල ද නියෝජනය කළාය.

ඉමේෂා දුලානි – පසුගියදා නිමාව දුටු අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියේ ශූරියන් වූ රත්ගම දේවපතිරාජ විද්‍යාල පිල නියෝජනය කළ 18 හැවිරිදි වියේ පසුවෙයි. සචිනි 2015 වසරේ සිට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට එක්වූ ඉමේෂා ශ්‍රී ලංකා කාන්තා සංවර්ධන සංචිතය නියෝජනය කළාය. වසර ගණනාවක්ම සීනිගම ලේඩීස් ක්‍රිකට් පිල නියෝජනය කළ අතර, ගාල්ල දිස්ත්‍රික් කාන්තා පිල සහ දකුණු පළාත් කාන්තා පිල ද නියෝජනය කළාය.

කාව්‍යා කාවින්දි- ගාල්ල වලහන්දූව ජනාධිපති විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරමින් සිටියදී සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේදී දස්කම් දැක්වූ 17 හැවිරිදි වියේ පසුවන ඇය ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් පිල නියෝජනය කළාය. රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එක්වූ ඇය පසුගියදා නිමාව දුටු අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියේ ශූරියන් වූ පිල නියෝජනය කිරීමට වරම් ලැබුවාය. සීනිගම ලේඩීස් ක්‍රිකට් පිල නියෝජනය කළාය.

පියුමි වත්සලා – දකුණත් පිතිකාරිණියක් ලෙසත් දකුණත් මඳ වේග පන්දු යවන්නියක් ලෙසත් නම් දරා සිටියි. පාසල් සමයේදී බෙලිඅත්ත පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා විද්‍යාලය වෙනුවෙන් පැසිපන්දු, නෙට්බෝල්, වොලිබෝල් සහ සැහැල්ලු පන්දු ක්‍රිකට් යන ක්‍රීඩාවන්ගෙන් දස්කම් දැක්වූ ක්‍රීඩිකාවකි. මාතර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රිකට් පිටියට එක්වූ ඇය මාතර දිස්ත්‍රික් ක්‍රිකට් පිල ද නියෝජනය කළේය. ජාතික සංවර්ධන සංචිතයේ සාමාජිකාවක් වූවාය. සීනිගම ලේඩීස් ක්‍රිකට් පිල නියෝජනය කළ 26 හැවිරිදි ඇය වෘත්තියෙන් ශාරිරික අධ්‍යාපන ගුරුවරියකි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් මූලික සංචිතය: චමරි අතපත්තු, හර්ෂිතා මාධවී, හෂිනි පෙරේරා, ඉනෝකා රණවීර, හංසිමා කරුණාරත්න, නිලක්ෂි සිල්වා, අනුෂ්කා සජීවනී, ප්‍රසාදිනී වීරක්කොඩි, ළිහිණි අප්සරා, කවීෂා දිල්හාරි, ඔෂධී රණසිංහ, සුගන්ධිකා කුමාරි, මල්ෂා ෂෙහානි, සත්‍යා සංදීපනී, උමාෂා තිමේෂනී, ඉනෝෂි ප්‍රනාන්දු, උදේෂිකා ප්‍රබෝධනී, අමා කාංචනා, අචිනි කුලසූරිය, තාරිකා සෙව්වන්දි, ශෂිකලා සිල්වා, එම්. මෙත්තානන්ද, පියුමි වත්සලා (සීනිගම ලේඩීස්), සචිනි නිසංසලා (රත්ගම දේවපතිරාජ විද්‍යාලය හා සීනිගම ලේඩීස්), විශ්මි ගුණරත්න (ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය), ඉමේෂා දුලානි (රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ සීනිගම ලේඩීස්), කාව්‍යා කාවින්දි (රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ සීනිගම ලේඩීස්)
- මුලාශ්‍ර www.batsman.com
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි