පාස්කු ප්‍රහාරය වැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් කාදිනල්වරයා පමණක් නොව තමාද රජයද සිටින්නේ නොසතුටින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ නමුත් එවැනි ප්‍රහාරයක් නැවත එල්ලවීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් සියලු දෙනාටම සතුටු වියහැකි බවත් රාජපක්ෂ මහතා පවසනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ පුද්ගලයන්ට නීතිය උපරිම ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් පෙන්වා දෙන බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ ඉදිරියේදී ඔවුන්ට නඩු පවරා දඬුවම් ලබාදීම සිදුවනු ඇති බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට