කාන්තාවන් සහ ළමුන් පිළිබඳ හත්වැනි චීන ජාතික සමුළුව අද(28) බෙයිජිං නුවර දී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේ, කාන්තාවන් සහ ළමුන් පිළිබඳ කටයුතු පක්ෂයේ සහ රටේ අරමුණෙහි වැදගත් කොටසක් වන බවයි.
ශක්තිමත් ජාතියක් ගොඩනැගීමේදී හා ජාතික පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීමේ දී, කාන්තාවන් වැදගත් බලවේගයක් වන අතර දරුවන් අනාගත බලවේගය වේ. සෑම මට්ටමක පක්ෂ කමිටු සහ රජය කාන්තාවන්ට ආර්ථික හා සමාජීය සංවර්ධනයට සක්‍රීය ලෙස සහභාගී වීමට අවශ්‍ය කොන්දේසි නිර්මාණය කළ යුතු බවත්, කාන්තාවන්ගේ සහ දරුවන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කළ යුතු බවත්, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.
චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ඊට එක්වෙමින් පැවසුවේ, නව යුගයේ කාන්තාවන් සහ ළමයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ දිශානතිය පිළිබඳ ෂී ජින් පිං මහතා වැදගත් උපදෙස් ලබා දී ඇති බවයි. එම උපදෙස් ගැඹුරින් අධ්‍යයනය කර එය හෘද සාක්ෂියට එකඟව ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු එහිදී කියාසිටියේ ය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි