සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය අදයි.
කරච්චි හිදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායිකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩිකාවන් පන්දුවාර 36 ක් අවසානයේ කඩුල්ලක් දැවී මීට ටික වේලාවකට පෙර ලබා සිටි ලකුණු සංඛ්‍යාව 158 ක්.
ආරම්භක පිතිකාරිනී සිද්‍රා අමීන් නොදැවී ලකුණු 82 ක්.
මනීෂා අලී ලකුණු 56 කට දැවී ගියා.
පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි