පසුගියදා පැවති අයිසීසී කමිටු රැස්වීමේ දී කාන්තා ක්‍රිකට් පිළිබඳ තීරණ කීපයක් අර ගෙන තිබෙනවා . ඒ අනුව
2023 වසරෙ නවසීලන්තයේ පැවතීමට තිබෙන කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග වටය 2021 ජුනි 26 සිට ජුලි 10 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබුණා . නමුත් පැවත එන වසංගත රෝගී තත්ත්වය හේතුවෙන් එම තරඟාවලිය 2021 දෙසැම්බර් මස දක්වා කල් තබා තිබෙනවා .
ඊට අමතරව අයි සී පූර්ණ සාමාජිකත්වය දරන රටවල් වල කාන්තා කණ්ඩායම් සඳහා ස්තිර වශයෙන් ටෙස්ට් වරම් ලබා දී තිබෙනවා.
2022 වර්ෂයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ පැවැත්වෙන විස්සයි20 තරග ජාත්‍යන්තර තරග බවට අනුමැතිය ලබා දී තිබෙනවා.
- චානක අරවින්ද
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි