කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සාරංගි සිල්වා ඊයේ (23) සමත්වුණි.
ඒ තුර්කියේ ඉස්ථාන්බුල් හි පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදීය.
තුර්කියේ ඉස්ථාන්බුල්හි පැවැති මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගී වූ සාරංගි සිල්වා එහිදී දැක්වූ දක්ෂතාව මීටර් 6.44ක් ලෙස සටහන් වී තිබේ.
සාරංගි විසින් බිඳ හෙලුවේ 2015 වර්ෂයේ දී මීටර් 6.43ක දක්ෂතාවක් දක්වමින් චාමි ප්‍රියදර්ශනී විසින් තබා තිබු ශ්‍රී ලංකා දුර පැනීමේ වාර්තාවය.
සාරංගි සිල්වා කටාර් රාජ්‍යයේ පුහුණු කටයුතු සිදුකරන අතර නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුර පැනීමේ රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් වුවාය.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්