ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගන්දර පොලීසියේ ස්ථානාධිපති අර්ජුන විජේවර්ධන මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක දී යි මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ. මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. ගන්දර පොලිස් ස්ථානයේ රාජකාරී කළ මෙම ආධුනික පොලිස් නිලධාරිනිය ඊයේ උදය කාලයේදී මෙම අතවරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයා මාතර පොලිස් ස්ථානයේ රදවා සිටිනවා. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්