මුලින්, 2021 වසරේ පෙබරවාරි-මාර්තු මාස වල නවසීලන්තයෙ පැවැත්වීමට සැලසුම් කර තිබූ කාන්තා ඕවර 50 ලෝක කුසලාන තරඟාවලිය 2022 මාර්තු 4 වන දින ආරම්භ කර අප්‍රේල් 3 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අඟහරුවාදා ප්‍රකාශ කළේය.
2021 වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම තරඟාවලිය COVID-19 වසංගතය හේතුවෙන් කල් දමන ලදී.තරඟාවලිය අතරතුර තරඟ 31 පැවැත්වෙන අතර එය නවසීලන්තයෙ ක්‍රිඩාංගන හයක පැවැත්වේ.


කණ්ඩායම් 8 ක් සහභාගි වන මෙම තරඟාවලියට නවසීලන්තය,ඕස්ට්‍රේලියාව,එංගලන්තය,දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව මෙම තරගාවලියට සුදුසුකම් ලබා ඇති අතර 2021 වසරේ ජුනි 26 සිට ජූලි 10 දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ඉතිරි කණ්ඩායම් 3 තීරණය වේ.
එම තරගාවලියට ශ්‍රි ලංකාව,පාකිස්තානය,බටහිර ඉන්දීය කොදෙව්,සිම්බාබ්වේ,බංග්ලාදේශය, අයර්ලන්තය,නෙදර්ලන්තය,පැපුවා නිව්ගිනියාව,ඇමරිකාව හා තායිලන්ත යන කණ්ඩායම් සහභාගිවේ.
-චානක අරවින්ද
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි