මෙය IS සංවිධානය විසින් සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට විශ්වාස කෙරේ.
කාබුල් ගුවන් තොටුපොළට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට දැවැන්ත අවදානමක් පවතින බව ප්‍රකාශයට පත් වී පැය කිහිපයක් ඇතුළත මෙම පිපිරුම සිදුවිය.
පිපිරීමෙන් සිදුවූ ජීවිත හානි හෝ තුවාළ ලත් සංඛ්‍යාවන් ගැන තොරතුරු තවම හෙළි වී නැත.
ඇමරිකානු වාර්තාවලට අනුව පිපිරීමෙන් හානියට පත් වූ අය ඇෆ්ගන් ජාතිකයන් ය.
කාබුල් ගුවන් තොටුපොළ හෙවත් හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිපිරීමක් සිදුව ඇති බව පෙන්ටගනයේ මාධ්‍ය ලේකම් ජෝන් කර්බි ට්විටර් සටහනක් මගින් සනාථ කරයි.

More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ