ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපොළ ආසන්නයට එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් ඇතුළු 13 දෙනකු මියගොස් ඇතැයි තලේබාන් සංවිධානයේ නිලධාරියෙක් අද (26) පස්වරුවේ පැවැසීය.
ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස්. සංවිධානය ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශව අනතුරු අඟවා පැය කිහිපයක් ගතවෙද්දි මෙම ප්‍රහාරය එල්ල විය.
අයි.එස්. සංවිධානය ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇතැයි ද එම නිසා ගුවන් තොටුපොළ දෙසට ගමන් කිරීම හෝ ගුවන් තොටුපොළ ආසන්නයේ රැඳී සිටීමෙන් වළකින්නැයි ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියානු ඇතුළු බටහිර රටවල් සිය පුරවැසියන්ට සහ ඇෆ්ගන් වැසියන්ට ඊයෙ (25) පස්වරුවේ අනතුරු ඇඟවීය.
කාබුල් අගනුවර ආසන්නයේ ප්‍රහාර දෙකක් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මෙම ප්‍රහාරයෙන් තලේබාන් ආරක්ෂකයන් ද තුවාල ලබා ඇතැයි තලේබාන් නිලධාරියා පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් ද මෙම ප්‍රහාරවලින් තුවාල ලබා ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමෙරිකානු නිලධාරියෙක් පැවැසීය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි