කාම්බෝජයේ අලුතින් තේරීපත් වූ ජාතික සභාවට සහ නව රජයට චීනය සුබ ප්‍රාර්ථනා කරයි.
කාම්බෝජ ජාතික සභාවේ නව සභාපතිවරිය ලෙස Khuon Sudary මහත්මිය ඊයේ (22) තේරී පත්වූවාය. නව අගමැති Hun Manet මහතාගේ ප්රමුඛත්වයෙන් යුතු නව කැබිනට් මණ්ඩලය සමග කාම්බෝජයේ නව රජය නිල වශයෙන් පිහිටුවනු ලැබ ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා පැවසුවේ, කාම්බෝජයේ නව ජාතික සභාවට සහ නව රජයට චීනය උණුසුම් සුබපැතුම් පිරිනමන බවයි.
කාම්බෝජයේ ජාතික ඉදිකිරීම් හා සංවර්ධනයට චීනය අඛණ්ඩව සහාය දෙයි. නව යුගයේ ඉහළ ගුණාත්මකභාවයෙන් මෙන්ම උසස් ප්‍රමිතියකින් පිරිපුන්, පොදු ඉරණමක් සහිත චීන-කාම්බෝජ ප්‍රජාවක් ගොඩනැගීම සඳහා නව රජය සමඟ කටයුතු කිරීමට චීනය සූදානමින් සිටී.එසේම,පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය තහවුරු කරමින් දෙරට ජනතාවට ඉහළ ප්රතිලාභ හිමිකර දීම සඳහා ක්‍රියාකරන බව ද වං වෙන්බින් මහතා පැවසීය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි