ගලේවෙල පත්කොළගොල්ල ප්‍රදේශයේ පදිංචි 8 හැවිරිදි පිරිමි දරුවෙකු රෙදි කැබැල්ලකින් ගෙල සිරකර ඝාතනය කර තිබෙනවා. මව් සෙනෙහස අහිමිවූ මෙම දරුවා පියාගේ සමීපතම ඥාතියෙකුගේ නිවසෙහි දිවි ගෙවමින් සිටි බවයි පැවසෙන්නේ.
පදිංචි නිවස ආසන්නයේ ඇල මාර්ගයක් අසළට ගමන්ගත් දරුවා හදිසියේ අතුරුදන්ව ඇති අතර ඥාතීන් කළ සොයාබැලීම්වලදී ඇල තුළ තිබී දරුවාගේ සිරුර හමුවුණා. පදිංචි නිවස ඉදිරිපිට විවිධ සාද පැවැත්වෙන ස්ථානයක් ඇති අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ තෝතැන්නක් බවට ද එය පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
දරුවාගේ සිරුර හමුවූ ස්ථානය ආසන්නයේ තිබී මත්කුඩු භාවිතා කළ සුන්බුන් රැසක් ද පොලිසියට හමුවී තිබෙනවා. මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල රෝහලේ දී සිදුකෙරුණා. දඹුල්ල රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය බී සී එස් පෙරේරා මහතා එම පරීක්ෂණයෙන් පසු තහවුරුකර තිබෙන්නේ දරුවා බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ගෙල සිරකර ඝාතනය කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ක්‍රියාත්මකයි. දඹුල්ල නිල සුනඛ අංශය ද වැටලීම සදහා යොමුකර ඇති අතර එම සුනඛයින් සිරුර හමුවූ ස්ථානයේ සිට මීටර් අටසියයක දුර නිවසක නතරවීමත් සමග එම නිවසේ සිටි පුද්ගලයා පොලිස්භාරයට ගෙන තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්