චීන කොමියුනිස්ට් පක්ෂයේ, මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් පැවැත්වෙයි. ඊයේ (31) පැවති එහි මුලසුන දැරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා යි.
ජාතික මහජන කොංග්‍රසය, රාජ්‍ය මන්ත්‍රණ සභාව, ජාතික කමිටුව ප්රමුඛ පක්ෂ සාමාජික කණ්ඩායම්වල කාර්ය වාර්තාවන්ට සවන් දී ඒ පිළිබඳ සාකච්ඡා කිරීම මෙහිදී සිදුවිය. ඉන් අනතුරුව, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ වාර්තාව ද සමාලෝචනය කෙරිණ. චීන මහජන දේශපාලන උපදේශන සභාව, ශ්‍රේෂ්ඨාධිකරණය සහ උත්තරීතර මහජන අභියාචනාධිකරණය මෙන්ම මධ්‍යම කාරක සභාවේ ලේකම් කාර්යාලය යන ආයතනවල කාර්ය වාර්තා ද මෙහිදී විමර්ශනයට ලක් කර ඇත.
නවයුගය සඳහා වන චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං චින්තනය හා බැඳුණු පක්ෂයේ න්‍යායාත්මක අධ්‍යයන වැඩසටහන සහ එම වැඩසටහනේ ජයග්‍රහණ උදෙසා මාර්ගෝපදේශ මාලාවක් මෙන්ම විනය පරීක්ෂාව පිළිබඳ පත්ෂයේ රෙගුලාසි පිළිබඳ සාරාංශ වාර්තාවක් ද මෙම රැස්වීමේ දී සමාලෝචනය කෙරිණ.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ