ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින්විට පැ.කි.මී. 70 දක්වා ඉහළ යා හැකි බවය.
සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය විටින්විට පැ.කි.මී 60 දක්වා ඉහළ යා හැකි බව සඳහන් වේ.
එමෙන්ම, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ ද ඉතා රළුවිය හැකි බවද එම නිවේදනයෙන් පෙන්වා දෙයි.
ධීවර සහ නාවුක ප්‍රජාව මේ සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් කටයුතු කළයුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට