නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවාර් සුළි කුණාටුව ඉදිරි පැය 30ක කාලය තුල චන්ඩ සුලි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාව වෙත ගමනකරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම තත්වයත් සමග ඉදිරි පැය 24 තුල නැගෙනහිර / උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැයට කිලෝ මීටර 60 ත් 70 ත් දක්වා ඉතා දැඩි ප්‍රහාරාත්මක තද සුලංද ඇතිවිය හැකියි.
මේ අතර ඉදිරි පැය 24 තුල දිවයිනේ උතුරු සහ නැගෙනහිර ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම මුහුදු ප්‍රදේශ වල සුලගේ වේගය පැයට කිලෝ මීටර 80 ත් 100 ත් දක්වා වර්ධනය වියහැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.
පුත්තලම සිට මන්නාරම දක්වාත් කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල ධීවර හා නාවුක කටයුතු වලින් වැලකී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.



More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ