ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන T20 ජාත්‍යන්තර තරඟය තව සුළු මොහොතකින් කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතය.
තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය නායක ශිකර් ධවන් සමත් විය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඔහු හිමිකර ගත්තේය.
තරඟාවලියේ පළමු තරඟය ලකුණු 38කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර දෙවැනි තරඟය කඩුලු 4කින් ජය ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
මෙම තරඟය සඳහා කණ්ඩායම් දෙකෙහිම වෙනස්කම බැගින් සිදුකර තිබේ.
ඊයේ තරඟය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉසුරු උදාන සහ ඉන්දීය කණ්ඩායමේ නව්දීප් සයිනි තුවාල ලැබීය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක කැඳවා ඇති අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සන්දීප් වරියර් සිය මංගල තරඟය ක්‍රීඩා කරයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි