සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
ඒ අනුව එංගලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටය.
තරගය බ්‍රිස්ටල්හිදී මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භවීමට නියමිතය.
පළමු එක්දින තරග දෙකම පහසුවෙන් ජයගත් එංගලන්ත කණ්ඩායම තරගාවලියේ ජයග්‍රහණය මේ වනවිටත් හිමිකර ගෙන තිබේ.
දෙරට අතර පැවැති 20 – 20 ක්‍රිකට් තරගාවලිය ද තරග 3-0ක් ලෙස පුර්ණ තරගාවලි ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි