ක්‍රීඩකයන් 21 දෙනකුගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් සංචාරයක් සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් යානා තුනකින් පැමිණියහ .
මෙම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .
මෙම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි ලෙස තර කොට තිබුණි .
මෙම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ මාස එකහමාරක තරම් කාළයක් රැදී සිටිමින් ටෙස්ට් තරග 02 ක් , එක් දින සීමිත ඕවර් තරග 03 ක් සහ ටී – 20 ක්‍රිකට් තරග 03 සදහා සහභාගී වීමට නියමිතය .


More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට