ඇමරිකාව විසින් මෙක්සිකෝ සහ කැනඩා භාණ්ඩ සඳහා පනවා ඇති 25% ක තීරුබදු අද(4) සිට ක්‍රියාත්මක කරන බව ඇමරිකානු ජනාධිපති Donald Trump මහතා පවසයි. ඊයේ(3) ධවල මන්දිරයේ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය. එමෙන්ම කලින් ප්‍රකාශයට පත් කළ අන්‍යෝන්‍ය තීරුබදු අප්‍රේල් 2වැනිදා සිට අය කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ දක්වා මෙක්සිකෝව සහ කැනඩාව යන රටවලට මෙන්ම, යුරෝපා සංගමයට එරෙහිව ද ට්‍රම්ප් පරිපාලනය විසින් තීරු බදු පියවර ගෙන තිබේ.
ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට පෙර, මෙක්සිකෝ ජනාධිපතිනි Claudia Sheinbaum Pardo මහත්මිය පෙන්වා දුන්නේ, තීරුබදු පැනවීමේ අවසාන තීරණය ඇමරිකාව සතු වුවද, මෙක්සිකෝව ඊට මුහුණදීමට සූදානම් බවයි. කැනඩාව ද මෑතකදී මේ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් සිදු කර තිබේ. එම තීරුබදු ප්‍රතිපත්ති සැලසුම් කර ඇති පරිදි ක්‍රියාත්මක කළහොත්, ඇමරිකාවට “දැඩි, පැහැදිලි හා අන්‍යෝන්‍ය ප්‍රතිචාරයක්” දක්වන බව කැනඩාව සඳහන් කර තිබේ. Trump ගේ තීරුබදු තර්ජනයට මුහුණ දීම සඳහා, බොහෝ යුරෝපා සංගම් රටවල් ඇමරිකාව සම්බන්ධයෙන් “අන්‍යෝන්‍ය තීරුබදු” පැනවීමට සැලසුම් කර තිබේ.
ඊයේ(3) පස්වරුවේ Trump ගේ තීරුබදු පැනවීමේ ප්‍රකාශය, ඇමරිකානු කොටස් වෙළඳපොලේ කම්පනයකට හේතු විය. එරට කොටස් වෙළඳපොලේ ප්‍රධාන කොටස් දර්ශක දිනය අවසානයේ තියුනු ලෙස පහත වැටුණු අතර, එක් අවස්ථාවක එය 2% කට වඩා ප්‍රතිශතයකින් පහළ ගියේය.
More Stories
GMOA වර්ජනය අත්හරී
චීනය ෆෙන්ටැනයිල් ආශ්රිත ද්‍රව්‍ය සම්බන්ධ ධවල පත්‍රිකාව නිකුත් කරයි
ඇමරිකාවේ අතිරේක තීරුබදු පැනවීමට චීනයෙන් යළි විරෝධය